එජාප හිටපු මන්ත‍්‍රීවරයෙක් දේව කන්නලව්වක


කේ බුද්ධික කුමාරසිරි
 
පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි  කියමින් එයට විරෝධය පල කර එම නගර සභාවේ එජාප කඩුවෙල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක පී‍්‍රයන්ත පත්බේරිය මහතා ඇතුළු පිරිසක් නවගමුව පත්තිනි දේවාලයේදී දේව කන්නලව්වක් සිදු කර පොල් ගැසීමක් අද (14) සිදු කළේය.
 

එම පිරිස දේව කන්නලව්වක් කරමින් දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ කඩුවෙල මහ නගර සභාවේ ලැයිස්තු මන්තී‍්‍ර ධූර සඳහා අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මුදල් ලබා ගනිමින් මන්තී‍්‍රවරු පත් කර ඇති බවත් පක්ෂ ප‍්‍රතිපත්ති වලට එරෙහිව යමින් හිටපු නගර සභාවේ විපක්ෂ නායකවරයාත් තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ද්වේෂ සහගත ලෙස ඉවත් කිරීමට කටයුතු තර ඇති බැවින් මෙම අකටයුත්තට දායක වූ අමාත්‍යවරයා ඇතුළු පිරිසට දඩුවම් ලබා දෙන ලෙසයි.
 
අනතුරුව කඩුවෙල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක පී‍්‍රයන්ත පත්බේරිය මහතා ඇතුළු හිටපු මන්තී‍්‍රවරු සහ පාක්ෂිකයෝ නවගමුව නගර මධ්‍යයේ විරෝධතාවයක්ද පැවැත්වූහ.