ඩයනා උදයංගනී
රට තුළ ඇතිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැරදි ලෙස භාවිතා කරන විට ආණ්ඩුව එය පාලනය නොකිරීම වරදක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීම මෙන්ම කවුරුන් හෝ එය වැරදි ලෙස භාවිතා කරන විය පාලනය කිරීමත් යහපාලනය බව අමාත්‍යවරයා ස`දහන් කළේය.
ආණ්ඩුව සිංහල ජාතිය වෙනුවෙන් පෙනී නොසිටින, වෙනත් ජාතීන්ට පමණක් සළකන, රණවිරුවන් දඩයම් කරන, රට බෙදන එකක් බව ඇතැමුන් රැස්වීම්වල කියද්දී ඒවා නැවැත්වීමට හා නිවැරදි කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබූ බව ද මහලේකම්වරයා ස`දහන් කළේය.
ගිනි ඇවිලවූ ඇතැමුන් දැන් ඒවා නිවන්න සහය දෙන බව කීවත් ඔවුන් ඒ දේ කරන්නේ සද්භාවයෙන්ද යන්න ගැටලූවක් බව ද දිසානායක මහතා කියා සිටියේය.
ගැටුම් ඇතිකිරීමට සම්බන්ධ වූවන්ට පක්‍ෂ, ජාති භේදවලින් තොරව දඬුවම් දිය යුතු බව කී දුමින්ද දිසානායක මහතා රටේ නීතිය කාටත් සමාන විය යුතු බැවින් එහිදී ජාතිය මුල් කරගෙන බලපෑම් නොකරන ලෙස දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවද කීවේය.
අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ආණ්ඩුවේ වැරදි ගැන ඇමැති දුමින්ද කතා කරයි
Recommended Articles