
(බී.ජී.චතුරංග)
සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී අද (2) ආරම්භ කෙරිණි.
එහිදී උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජ මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පොසොන් ආලෝක පූජාව සීමාසහිත විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා සහ මහවිලච්චිය ප්‍රදේශීය මහ ලේකම් මංජරී ඩී. චන්ද්‍රදාස මහත්මිය අතින් විවෘත කළ අයුරු සහ විදුලි ආලෝකයෙන් තන්තිරිමලය පුදබිම ඒකාලෝක වූ අයුරු ඡායාරූපවල දැක්වේ.



