
(උපුල් හේරත්)
ඓතිහාසික මිහින්තලා පුදබිම විදුලි ආලෝකයේ ඒකා ලෝව විය. පොසොන් පොහොය නිමිති කොට අද සිට දින පහක් පුරා මෙම අලෝක පූජව ඇතුළු පිංකම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
විදුලි ආලෝක පූජව විවෘත කිරීම සාමාන්‍ය ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. එය සුවිශේෂී සිද්ධියකි. එදා මෙදා තුර සාමාන්‍ය ජනතාවගේ මූලිකත්වයෙන් විදුලි ආලෝක පූජාව විවෘත නොකිරිණි.
මෙම අවස්ථාවට දෙස් විදෙස් බෞද්ධ පිරිස එක්ව සිටියහ. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර, තායිවාන තානාපති , බංග්ලාදේශයේ බෞද්ධ ජනතාව ,මෙන්ම , සිරස මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සුසාර දිනාල් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියහ .
ඓතිහාසිකව මිහින්තලා පරිශ්‍රයේ උඩ මළුවේ සිට කරඬුව පෙරහරකින් වඩම්මවාගෙන මැද මළුවේ සන්නිපාත ශාලාව ඉදිරිපිට මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිරුව ඉදිරිපිට තැන්පත් කර ,මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියන් ලංකාවාසී ලෝකවාසී ජනතාවට ආශිර්වාද කළහ.



