ඉන්දියාවේ නිදහස් දින සැමරුමක් ලංකාවේත්


(අංජුල මහික වීරරත්න)

සියවස් ගණනාවක් පුරා පෝෂණය වී ඇති ඉන්දු -ශ්‍රී ලංකා සබඳතාවය  අසල්වැසියන් ලෙස මෙන්ම  පවුලක් ලෙස බැඳී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඉන්දියාවේ 79 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන්  ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය (The Sri Lanka – India Society) විසින් සංවිධානය කරන ලද සංස්කෘතික වැඩසටහන සහ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේ දී මෙය පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්  සන්තෝෂ් ජා මහතා සහ තනුජා ජා මැතිනිය විසින් කරනු ලැබූ ආරාධනාවකට අනූව අමාත්‍යවරයා මෙම වැඩසටහනට සහභාගී විය.

"අපගේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාවේ 79 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන්  ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය සංවිධානය කරන ලද වැඩසටහනට එක්වීමට ලැබීම පිළිබඳව සතුටට පත් වෙනවා.ඉන්දීය රජයට සහ ජනතාවට හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා" යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී කීය.