Asia Miracale Awards 2025 සම්මාන උළල ටාජ් සමුද්‍රා හෝටලයේදී අද (23) සවස පැවැත්විණ.
එහිදී වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය, වසරේ හොඳම වෙබ් කර්තෘට හිමි සම්මාන,වසරේ ජනප්‍රිය සිනමා පිටුවට හිමි සම්මාන්‍ය, වසරේ ජනප්‍රියම ප්‍රාදේශිය ප්‍රවෘත්ති කර්තෘට හිමි සම්මානය, ,වසරේ ජනප්‍රියම සති අග පුවත් පතට හිමි සම්මානය සහ වසරේ ජනප්‍රියම ප්‍රාදේශිය මාධ්‍යවේදියාට හිමි සම්මානය ලංකාදීපය හිමි කරගත්තේය.
ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප සම ප්‍රවෘත්ති කර්තෘ සුජිත් හේවා ජුලිගේ සහ වසරේ හොඳම වෙබ් කර්තෘට හිමි සම්මානය ලංකාදීප වෙබ් කර්තෘ, ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ (සම) අරුණ ශාන්ත කුමාර, වසරේ ජනප්‍රියම සිනමා පිටුවට හිමි සම්මානය සිනමා පිටුව සංස්කාරක හා විශේෂංග කර්තෘ සමන්ත යහම්පත්, වසරේ ජනප්‍රිය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘට හිමි සම්මානය නිරෝෂණ ගොඩැල්ලගේ, වසරේ ජනප්‍රියම සති අග පුවත්පතට හිමි සම්මානය ඉරිදා ලංකාදීප නියෝජ්‍ය කර්තෘ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් සහ වසරේ ජනප්‍රිය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට හිමි සම්මානය සුසිල් ප්‍රියාන්ත යන මහත්වරු හිමි කරගත්තහ.
(ඡායා ගයාන් අමරසේකර)