”විඳින්න හිමිවූ ජීවිතේ විඳවන්නේ ඇයි සුසුම් දිගේ”


 

dryh  

 

ටෙලිනාට්‍ය නිර්මාණයක එකම ගායිකාවකගේ ගීත තුනක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. නමුත් විකාශය කෙරෙන සුජාතා නාට්‍යයේ තේමා ගී හෙවත් පසුබිම් ගීත තුනම ගයා ඇත්තේ මේ සුන්දර - සුරූපී ශිල්පිනිය විසිනි.
නොකීවාට කවදාවත්
තනිකමට මං බයයි අම්මේ...
ගීය වගේම,
අත්තටු මවලා ලෝකය පෙන්නා 
ඔබ කීවා
ඉගිලී යන්නට මාවම සොයලා.....
ගීතය ගැයූ ශිරෝමි රත්නායක ගැන අද බොහෝදෙනා කතා වන්නේ මේ දිනවල සුජාතා නාට්‍යයේ තේමා ගීය ලෙස අසන්නට ලැබෙන,
විඳින්න හිමිවූ ජීවිතේ
විඳවන්නේ ඇයි සුසුම් දිගේ....
ගීතය නිසයි. ඒ ගීත ත‍්‍රිත්වය සුන්දරව ගයන ශිරෝමි සමග අපි කතා බහකට එක්වෙමු.

 

  sdgs  


button ශිරෝමි මේ ගීත තුන අතරින් වැඩිම ප‍්‍රතිචාර ලැබෙන්නෙ මොන ගීතයටද?
ගීත තුනටම එක වගේ හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නෙ. නමුත් නෙහාරා අක්කා රඟපාන කොටස් සමග මේ දිනවල විකාශය කෙරෙන ”විඳින්න හිමිවූ ජීවිතේ” ගීතයට වැඩිදෙනා කැමති වග පෙනෙනවා. ප‍්‍රසංග වලට ගියාමත් හැමෝම මට ගයන්න කියලා ඉල්ලීම් කරන්නේ ඒ ගීතයයි. මෙම ගීත ත‍්‍රිත්වයේ පළමු ගීතය වන ”නොකීවාට කවදාවත්” රූප රචනයට මම පෙනී සිටියා. ඉතින් බොහෝදෙනාට ඒ නිසා මම අමුත්තියක වුණේ නැහැ.

 

button
 මේ ගීත හැර ඔබ ගැයූ වෙනත් ගීත මොනවාද?

”හමනා පවනේ” කියන ගීතයත් වඩා ජනප‍්‍රියයි. ඒ ගීතය ගැයුවේ සිරස සුපර් ස්ටාර් තරු රෑනෙන් මා එක්ක කරලියට ආ හර්ෂ චතුරංග සමගයි. ඊට අමතරව ”ඔයා හැරෙන්නට වෙන කවුරුත් නැති හින්දා” ගීතයට මම ගොඩක් ආසයි. දැන් තවත් අලූත් ගීත දෙකක්ම නිර්මාණය කරමින් සිටින්නෙ. මේ සියලූදේට අමතරව සිරස නිසා මට තවත් ලොකු අවස්ථාවක් ලැබුණා.

 

shsfh
button ඒ මොකක්ද?

සිරසෙ නිවේදිකාවක ලෙස කටයුතු කරන්න ලැබී තිබෙනවා. ඉරිදා උදේ විකාශය කෙරෙන සිරස මිරර් සමග පේ‍්‍රක්ෂකයින් අතරට එන අතර සිරස කුමරිය සහ මෑන් හන්ට් වැඩසටහනේ (අවසන් 24 දෙනා තේරූ) නිවේදිකාවක ලෙසත් කටයුතු කළා.

 


button ශිරෝමි ඔබට බොහෝදෙනා කතා කරන්නෙ ”ටික්කි” කියලා නේද?

ඔව්, ඒක ගෙදර අය දාපු නම. පවුලේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි, මල්ලියි, මමයි. මගේ සම්පූර්ණ නම ශිරෝමි ධම්මිකා රත්නායක. තාත්තා කරන්නෙ ව්‍යාපාරික කටයුතු.

 


button අක්කලා දෙන්නා සහ ඔබ අතරින් කවුද වැඩිපුර ලස්සන?

හැමෝම කියන්නෙ නම් අපේ ලොකු අක්කා ලස්සනයි කියලා.

 


button ඒ අයත් කලාවට සම්බන්ධයිද?

නැහැ, මම විතරයි කලා අංශයට සම්බන්ධ. පාසැල් අධ්‍යාපනය ලබද්දී මගේ අරමුණ වුණේ, වෛද්‍යවරියක හරි නීතිඥවරියක හරි වීමටයි. ගායිකාවක වීමේ සිහිනයකුත් තිබුණා. කොහොම වුණත් කලා අංශයට ඒමට ලැබීම වාසනාවට ලැබුණු දෙයක් වෙන්න ඇති. පොඩි කාලයේ ඉඳලාම ඒ දක්ෂතාවය මට තිබුණු බව අම්මා කියන දෙයක්. අත්පුඩියක් ගැහුවත් මම තාලයකට ගැහුවලූ. අපේ ලොකු අක්කා දැන් විවාහකයි. දෙවැනි අක්කා රැකියාවක් කරනවා. එයත් කලාවට දක්ෂ වග පෙනෙනවා.

SAN_1526

 


button වෛද්‍යවරියක, නීතිඥවරියක වීමේ සිහිනය අද ඔබගෙන් දුරස්වෙලාද?

අද මට තියෙන්නෙ ගුරුවරියක වීමේ සිහිනයයි. එය මේ වන විටත් යථාර්ථයක් වෙලා තියෙන්නෙ. මේ වන විට මම කොළඹ සරසවියේ අධ්‍යාපන පීඨයේ අවසන් වසරේ සිසුවියක ලෙස කටයුතු කරනවා. සරසවියෙන් උපාධිය ලබා ඉවත්වන විට අපි ගුරුවෘත්තියට අනුයුක්ත වෙනවා. මේ වසරේ දෙසැම්බරයේ සිට මම ගුරුවරියක ලෙස කටයුතු කරාවි.

 


button මොන වගේ විෂයයන්ද ඉගැන්වීමට බලාපොරොත්තු වන්නෙ?

ගණිතය සහ භූගෝල විද්‍යාව.

 


button භූගෝල විද්‍යාවට අනුව ලෝකය කොහොමද විනාශ වෙන්නෙ?

නිශ්චිතවම කියන්න බැහැ. අවිධිමත්ව සිදුකෙරෙන මානුෂික ක‍්‍රියා වගේම ස්වභාවික මූලධර්ම මුල්කරගෙන ටිකෙන් ටික විනාශයට යාවි. නමුත් අපි හැමෝගෙම යුතුකම, වගකීම විය යුත්තේ මේ සුන්දර ලෝකය ආදරයෙන් රැුකගැනීමයි.

 

 

button ලෝකයට ආදරය කරන ඔබ, ජීවිතයේ කාටද අද වන විට වැඩිපුර ආදරය කරන්නෙ?

මගේ පවුලේ අයට, රටට, සමාජයට, කලාවට.

 


button ඔබට ආදරය කරන විශේෂ කෙනෙක් නැද්ද?

තවම මම හිතන්නෙ අධ්‍යාපනය ගැන විතරයි. මම බොහෝම සරල, නිතර සතුටින් සිටින පොඩිදේටත් ගොඩාක් සංවේදී වන චරිතයක්. ආදරයට කලින් මුලින්ම මම මගේ අරමුණු සඵල කරගන්න  ඕනෑ.

sadun-gamage