”රන් තැඹිලියෙන්” රිමාන්ඞ්
නිධානයකින් ගත් රත‍්‍රං තැඹිලි ගෙඩියක් බව කියන කෞතුක වස්තුවක් කැකිරාව පොලිස් මුරපොළේදී මාරු කළැයි සැකපිට එහි ස්ථානාධිපති හා කොස්තාපල්වරු දෙදෙනා කැකිරාව මහේස්ත‍්‍රාත් දර්ශන ද සිල්වා මහතා විසින් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
උප පරීක්‍ෂක ටී.එම්. කමල්සිරි ඒකනායක, කොස්තාපල්වරුන් වන ගැමුණු සේනාරත්න හා සම්පත් ගංගාසිරි ඔවුහුය.

