”යුද්ධයේදී නීති කඩ කළ අයට දඬුවම්”
යුද්ධයේ අවසන් අදියරේදී බලය ඉක්මවා නීතිය කඩකිරීම් ගැන විශ්වාස සහිත සාක්කි තරයේ පිරික්සා වැරැුදිකරුවනට දඬුවම් කළයුතු බව රජය තරයේ විශ්වාස කරන බව උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සභානායක නිමල් සිරිපාල ද ඇමැති පැවැසීය. සාමාන්‍ය ජනතාව ඉලක්ක කැරගත් ප‍්‍රහාර එල්ල නොකළ බවද කොමිසමේ වාර්තාව කියයි.
මේ සඳහා සත්‍ය තොරතුරු එක්රැස් කර අගැයීමේ යාන්ත‍්‍රනයක් ඇතිකැර සාපරාධී නඩු පැවැරීමට නීතිපති තීරණය ගත යුතු බවද ඇමැති කීවේය.
යුද්ධය පැවැති පෙදෙස්හි ජන අනුපාතය වෙනස් කිරීමට රජය පක්ෂ පාතීත්වයක් දරතියි කීම දුෂ්ඨ චේතනාවෙන් කරන පදනම් විරහිත මුසාවක් බවද ශ්‍රී ලංකාවේ ඕනෑම ප‍්‍රදේශයකින් ඉඩම් හිමිකැර ගැනීමේ අයිතිය හැම ශ්‍රී ලාංකික පුරවැසියකුටම ඇත යන මූලධර්ම අයිතිය රජය පිළිගන්නා බවද ඇමැති කීවේය.
සුළුජන කොටස්හි අභිලාෂ ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් සභාවක් පත්කැර ඇති බවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්හි තිරසාර පැවැත්ම සහතික කිරීම් වස් රජය දෙමළ දේශපාලන පක්ෂ සමග සාකච්ඡුා අරඹා ඇතැයිද ඇමැති කීවේය.
මෙරට සියලූ දේශපාලන පක්ෂ හුදු සතුරු ආකල්පයෙහි පිහිටා ගෙන යන දේශපාලනය අතහැර ජාතික ප‍්‍රශ්නවලදී පොදු එකඟතාවයෙන් තීරණ ගැනීමට ඉදිරිපත් විය යුතු යැයි කොමිසම දක්වන අදහස රජය මුළුමනින්ම පිළිගන්නා බවද ඇමැති කීවේය.
අනවසර ගිනි අවි සන්තකයේ තබාගැනීම අවසන් කිරීම රජයේ අවශ්‍යතාව බවද හේ කීය.

