”මාලිගාවට ඉහළ සුදු සොහොන ඉවත් කරනු”


මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ඉහළින් කෞතුකාගාරය ආසන්නයේ බි‍්‍රතාන්‍ය සුසානය එතැනින් ඉවත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රජයෙන් ඉල්ලයි. සිංහලයන් හා සටන් කළ බි‍්‍රතාන්‍ය ඒජන්තවරුන් හා සෙබළුන් 163 දෙනකුගේ සොහොන් එහි පිහිටියේය. සුසානය ඉදි කෙරුණේ 1817දීය. ජෝන් ඩොයිලි හා ජේම්ස් ටේලර්ගේ සොහොන් ද මෙහි ඇත. ශ්‍රී ලංකාවට තේ පැලය හඳුන්වා දුන්නේ ටේලර්ය. දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් මෙම සොහොන තිබීම නොසුදුසු බවත්, එය වෙනත් සුදුසු තැනක පැහිටැවිය යුතු බවත් ආණ්ඩුකාරවරයා පවසයි.