”ගාමණි”නළුවෙක් අනතුරින් මරුට


ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට නළු අසේල ජයකොඩි රිය අනතුරකින් අභාවප‍්‍රාප්ත විය. දැන් තිරගත වන ”ගාමණි” චිත‍්‍රපටයේද චරිතයක් රඟපාන අසේල, අසෝක නළුවකු වූයේ හඳගමගේ ”සින්තටික් සිහිනය” ටෙලි නාට්‍යයෙනි. ”රොමියෝ ජුලියට්” ඇතුළු ටෙලි නාට්‍ය රැුසක රඟපාද ඔහු ”රෝස පැටික්කි”,”සළෙළු වරම”, ”සොඳුරු දඩයමේ”ද රඟපෑවේය. චාන්දනී ජයකොඩි මහත්මියගේ සැමියාවූ අසේල දෙදරු පියෙකි. දේහය රාගම, වැලිසර, මීගමු පාරේ අංක 342/ඒ, දරන නිවසෙහි තැන්පත් කර ඇතත. අවමඟුල බදාදා (30) සවස හතරට නාගොඩ සාන්ත ජෝන් බැප්ටිස්ට් දේවස්ථාන සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.