”කිසිත් කියන්න බෑ”


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස  කළ නොතීසි අනුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් සහ දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මන්තී‍්‍රවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර, නීතිඥ එම්.ඒ. සුමන්තිරන් හා ජේ.සී.වැලිඅමුණ  මහත්වරු පෙනී සිටියහ.
එක්සත් ජාතික පක්‍ෂ තේරීම් කාරක සභා සාමාජිකයන් අධිකරණය  හමුවේ පෙනී නොසිටියත් පාර්ලිමේන්තු මන්තී‍්‍රන් වන රුවන් විජයවර්ධන, අජිත් පී. පෙරේරා, ආචාර්ය හර්ෂද  සිල්වා,ඉරාන් වික‍්‍රමරත්න,කරු ජයසූරිය, පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි සිටියහ.
 අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා, නීතිඥ සාලිය පිරිස්, නීතිඥ කන්දයියා නීලකන්දන් යන මහත්වරු තීන්දුව අවසානයේ ඉන් පිටතට  ජයග‍්‍රාහී ලීලාවෙන් පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂ ද සිල්වා සිය අතෙහි ඇඟිල්ලකින් මුව වසාගෙන මාධ්‍යයට පෙන්නුම් කළේ තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ අද දින දුන් තීන්දුව සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ නොකළ හැකි බවය.

ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය, සරත් මනමේන්ද්‍ර, සිරිමසිරි හපුරආරච්චි  යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙම අවස්ථාව වාර්තා කිරීමට මෙරට මෙන්ම විදෙස් ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහු රැුසක්ම පැමිණියහ.