”උසාවියේදී කටවහගනු”


අධිකරණ භූමියේදී එකිනෙකා සමග කතා නොකරන්නැයි සංධානයේ දේශපාලනඥයන් දෙදෙනකු වන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අජ්මාල් මවුජුඞ්ට හා කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාත් සාලිට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. ඔවුන් කතාබහ කිරීමට යෑමෙන් ආධාරකරුවන් අතර ගැටුම් හටගන්නා බව මහේස්ත‍්‍රාත් කීවේය. රුපියල් ලක්‍ෂ 23ක් වටිනා වාහනයක් විකුණා දෙන ලෙස තමා මවුජුඞ්ට 2005 දී දුන් නමුත් ඔහු එය විකුණා මුදල් නොදුන්නැයි සාලි රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව නඩු පවරා ඇත.