”උණට බේත් වෙනුවට ජලභීතිකා එන්නතක් දීලා”


උණට බෙහෙත් ගැනීමට ගිය හය හැවිරිදි දරුවකුට අනුරාධපුර රෝහලේ හෙද නිලධරයකු ජලභීතිකා මර්දන එන්නතක් දුන් සිද්ධියක් ගැන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දොස්තර ඒ.එස්. කරුණාරත්න මහත්මිය පරීක්‍ෂණ අරඹා ඇත. මේ දරුවාගේ ලේ පිරික්සීමක් සඳහා වන තුණ්ඩුවක් සමග මව ලේ ගන්නා තැනට ගියවිට තුණ්ඩුව නොබලාම එම එන්නත දී ඇතැයි දැන ගන්නට ඇත. එන්නත ලැබූ දරුවා සංකූලතාවයකට ලක්වී නැත.