”අද මහින්ද එදා කැප්පිටිපොළයි”
‘‘වීර කැප්පිටිපොළ මේ ආත්මයේ මහින්ද රාජපක්‍ෂ ලෙස ඉපදී ඇති බව මගේ විශ්වාසයයි. මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමා පෙර ආත්මයක වීර කැප්පෙටිපොළ ලෙස උපදින්න ඇති.’’ සමාජ සුබසාධන ඇමැති මර්වින් සිල්වා මහතා එසේ පැවසූයේ පලාගල පරවහගම වීරකැප්පෙටිපොළ ස්මාරකය අසලදීය.
බි‍්‍රතාන්‍ය ජාතිකයන් එදා ඔහු අත්අඩංගුවට ගත් ස්ථානයේ ඉදිකළ පිළිරුව හා අවට පෙදෙස තමන්ගේ හා මිතුරන්ගේ ධන පරිත්‍යාගයෙන් පිළිසකර කරන බව කී ඇමැති, දරුවන් පරිගණකයට හුරු පුරුදු වී සිටින මේ යුගයේදී අපේ වීරයන් ගැන ඔවුනට අවබෝධයක් දීමට ක‍්‍රියා කරන බව ද සඳහන් කළේය.

