“සුළඟකින් පුත්තලම ප්‍රා.ලේ කොට්ඨාස 4ක නිවාස 104 කට හානී’


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

ආණමඩුව,මහකුඹුක්කඩවල , නවගත්තේගම හා මුන්දලම ප්‍රදේශීය ලේකම් වසම් හරහා හමා ගිය සුළගකින් නිවාස 104 කට හානි සිදුවි ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා  පවසයි.
 
මහ වැසිත් සමග හමා ආ සුළගින් දැවැන්ත ගස් වල අතු ඇඹිරි ගොස් ඇති බවත් නිවෙස් ආසන්නයේ තිබු ගස් අතු කඩා වැටිමේන් නිවෙස් වල වහල රැසකට හානි සිදුව ඇති බව කියයි.
 
මෙම සුළග එකම වේලාවකදි ආණමඩුව, මහකුඹුක්කඩවල , නවගත්තේගම , මුන්දලම , ප්‍රදේශීය ලේකම් වසම් හරහා හමා ගොස් තිබු බව කියයි.
 
මෙයින් බරපතලම හානිය සිදුවු ඇත්තේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට බව කියයි. එහි නිවාස 50  සංඛ්‍යාවකට හානි සිදුව තිබුණි.
 
මෙහි පවුල් 51 ක පුද්ගලයින් 142 ක් පිඩාවට පත්වි ඇති බව කියයි.
 
මේ සමගම නවගත්තේගම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 26  සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර පවුල් 34 ක පුද්ගලයින් 101 දෙනෙකු පිඩාවට පත් වි ඇති බව කියයි.
 
මේ අතර ආණමඩුව නිවාස 27 ක පවුල් 30 ක පුද්ගලයින් 109 දෙනෙකු පිඩාවට පත් වි තිබුනී.
ඒ සමගම මුන්දලම ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශයේ එක් නිවසක එක් පවුලක 5 දෙනෙකු පිඩාවට පත්වි ඇති බවද කියයි.

සුළි සුළගත් සමග ප්‍රදේශ රැසකට විදුලි රැහැන් වලට හානි සිදුවිමේන් විදුලිය සම්පුර්ණයෙන් ඇන හිට තිබුණි.