“ලාංකිකයන් පරීක්ෂණාගාරයක මීයන් බවට පත්වෙලා’’


(අංජුල මහික වීරරත්න)

"එල් බෝඩ්" ගහගෙන යන ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ සමස්ත ආණ්ඩුවම "ගොංපාට්" එකක් වී ඇතැයි සමගි ජනබලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පැවසීය.

තමාට අත්දැකීම් නැතැයි පිළිගන්නා  රටේ ජනාධිපතිවරයා ජනතාව සිය පුහුණුවීම් කටයුතු වෙනුවෙන් යොදා ගැනීම නිසා සමස්ත ලාංකික පරපුර අද පරීක්ෂනාගාරයක මීයන් සේ  අනතුරකට භාජනය වී ඇතැයි කී මුජුබුර් රහුමාන් මහතා මේ පාලනය කැන්දාගෙන එන්නට උරදුන් සියලු නායකයන් එම අනතුරට වගකිව යුතු බවද සඳහන් කළේය.