“රට අඳුරු යුගයට යන්න දෙන්නේ නෑ“


ජනවාරි අටවෙනිදා මහින්ද රාජපක්ෂ පරාජය කරමින් සිදුකළ පෙරළියෙන් පසු රට අඳුරු යුගයකට ඇදගෙන යාමට සූදානම් වෙතැයි ද ඊට එරෙහි සියලු බලවේග ඒකරාශී වී දහසක් මල් පුබුදුවා රට නිදහස් කරගැනීමේ ජාතික මෙහෙවරට ඉදිරිත් වීම කාගේත් යුතුකමක් යැයි ද පාඨලී චම්පික අරලියගහ මන්දිරයේ දී කීවේය.

රාජිත සේනාරත්න කතා කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති සමග ලංකා ඉතිහාසය යළි ලියන යුගයක් උදාකිරීමට පෙරමුණ ගන්නැයි රටට හිතවත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව රාජිත කියයි. ඩී.එස්.සේනානායක මහතාගෙන් පටන්ගත් නිදහස් යුගයේ මල්ඵල පුබුදුවාලන්නට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ සහයෙන් හිටපු ජනාධිපති පරාජය කරන්නට හැකි වූයේ යැයි ද දින සියයේ දී ජීවිත පරිත්‍යාගයෙන් 19 වැනි සංශෝදනය ගෙන එන්නට ගත් උත්සාහය ගැන රනිල් වික්‍රමසිංහ මහතා පැසසිය යුතුයැයි ද ඒ මහතා කීවේය.

‘‘ අපිට මෙය පුද්ගලිකව අවාසියක්. නමුත් අපි මේ රටේ දේශපාලනයට ආවේ රටට වැඩක් කරන්න. මන්ත්‍රී ධුර අරගෙන නොවෙයි. මේ ලාංඡනය තාවකාලිකයි. අපිට මේ ලාංඡනය වෙනස් කරන්න පුලුවන් වුනේ නැහැ. මේ තීරණය අවසන් මොහොතේ ගත්තු නිසා. ඒ නිසා අපි යහපාලනය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයත් එක්ක අනික් සියලු බලවේග එකතු කරගෙන එන්න අපි හිත හදාගත්තා. සියලු බලවේග මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආශිර්වාදය ඇතිව අපි මේ වැඩේ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා අපි අලුත් ආණ්ඩුවක් හදන්න සෑහෙන පිරිසක් කඳවුරු බැඳගෙන මෙතනට එනවා. උගත් බුද්ධිමත් වැදගත් දේශපාලකයන් එකට එකතු වෙනවා. අපි ඉදිරියට යන්නේ මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ ජනතාව ජනවාරි 08 දා දුන් වරම ඉදිරියට ගෙන යන්න අපිට වරම දෙන්න කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එකතු කරගෙන අපිට කරගන්න බැරිවුණු 20 වැනි සංශෝදනයත් සම්මත කරගෙන ඉදිරියට යන්න අවස්ථා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපිට හොරු මැරයන් වංචාකාරයන් නැති පිරිසිදු මිනිසුන්ට එන්න පුළුවන් මැතිවරණ ක්‍රමයක් හදන්න අපි වැඩ කරනවා. දවස් 100 දී විශාල වැඩක් කළා. අපි විශාල ආර්ථික ප්‍රගතියක් ප්‍රතිසංස්කරණයක් ඇති කළා. අපි මාධ්‍ය නිදහස ස්ථාපිත කරා. බියක් සැකක් නැතිව නිදා ගන්න පුළුවන්. සුදු වෑන් ඇවිත් පැහැරගෙන යන්නේ නැහැ. මේ විදියට කන්න. මේ විදියට යාඥා කරන්න කියලා කවුරුවත් කිව්වේ නැහැ. පීඩාවට පත්ව සිටින හැම මිනිහෙක්ම අද ජීවත්ව සිටිනවා. පිවිතුරු දේශයක් හදන්න අපිට වරම් ලැබෙන බව අපි දන්නවා. ජය ඒකාන්තයි. ජනවාරි 8 වැනිදා ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්න දෙන්නේ නෑ. අපට කරගන්න බැරිවුණ 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අපි කරන්න බලාපොරොත්තුවෙනවා. මේ තිරිසන් මැතිවරණ ක්‍රමය වෙනුවට නියම ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට ගෙන එන මැතිවරණ ක්‍රමයක් අපි ඇතිකරනවා. ගමේ වෙද මහතා, ඉස්කෝලේ මහතා සරම බැනියම ඇඳපු නියම ජනතා මනස හඳුනන පිරිස යළි පාර්ලිමේන්තු ගෙනෙන යුගය අපි ඇතිකරනවා.

රවුෆ් හකීම් මහතා

‘‘දින 105 ආණ්ඩුවේ අගමැතිවරයා හැටියට හිටපු රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති කිරීමේ ව්‍යාපාරයක් ලෙසයි මම මෙය දකින්නේ. දූෂණය භීෂණය පරාජය කළ මේ බලවේගය යළිත් පරාජය කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරද්දී අපිත් එක්ක එකතු වී ජනවාරි 08 ජයග්‍රහණය රැකගනිමින් ඉදිරියට යන්න මේ ආකාරයෙන් එකතුවීම ගැන විශාල සතුටක් තිබෙනවා. නොයෙකුත් මත ගැටුම් තිබෙනවා. නමුත් යහපාලනය සඳහා වූ සංහිදියාවට කිසිදු බේදයක් නැහැ. “

_DSC0023 _DSC0029 _DSC0051 _DSC0092 _DSC0100 _DSC0131 _DSC0140

_DSC0198