“මා පළිගන්නා මිනිහෙක් නොවේ“
‘‘ මා පළි ගන්නා මිනිහෙක් නොවේ. උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා.“ යැයි මහින්ද රාජපක්ෂ ජනාධිපති දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ගිමන්හල විවෘත කරමින් ප්‍රකාශ කළේය.
“එක්තරා සභාපතිවරයකුගේ දූෂණ ගැන විපක්ෂය එදා කෑ ගැහුවා. අල්ලස් කොමිසමටත් දිව්වා. ඔහුගේ නෝනාටත් එරෙහිව ක්‍රියා කළ යුතුයැයි කීවා. නීතිය අනුව, ව්‍යවස්ථාව අනුව ඒ ක්‍රමවේදය කරගෙන යනවිට දැන් රජයට දොස් කියනවා. රජය එවැනි චෝදනා වලින් සැලෙන්නේ නැහැ. නීතිය අනුව සාධාරණව කටයුතු කරනවා යැයි “ ද ජනපති කීවේය.

