“ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්නෙ කොහොමද’’


(සුජිත් හේවාජුලිගේ)

බොහෝ දෙනකු මේ අවස්ථාවේදී සිය වගකීම ඉටු නොකිරීම ගැටළුවක් බවත් සමහරුන් ඩොක්ටර්ස්ලා බව හඟවන බෝඩ් වාහනවල ප්‍රදර්ශනය කර එහෙ මෙහෙ ගමන් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය .

"ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නැහැ " යයිද ජනාධිපතිවරයා කීය.

ඔහු මෙසේ පැවසුවේ කොරෝනා මර්දන කමිටුවේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (24) පැවැති සාකච්ඡාවේදීය.

සංචරණ සීමා දැමීමෙන් පසු එම වැඩපිළිවෙළේ අරමුණ සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් ජනතාව සිය වගකීම තේරුම් නොගන්නා තාක් සංචරණ සීමා දමා පලක් නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසුවේය.

නීති දමා පමණක් මේ තත්වය පාලනය කළ නොහැකි බවද ඔහු කීය.

පසුගිය 25 වැනිදා රට විවෘත කළේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගැනීමට පමණකැයි කී ජනාධිපතිවරයා පාටි දැමීමට නොවේ යැයි ද ප්‍රකාශ කළේය.