
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) සහ පාර්ලිමේන්තුවට අවමන් කළ නිලධාරින් දෙදෙනෙකු සහ නිලධාරිනියක සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (13) ඉල්ලීමක් කළේය.
එම තිදෙනා කෝප් කමිටුවට මෙන්ම සමස්ත පාර්ලිමේන්තුවටම අවමන් කර ඇතැයි පැවසූ කෝප් කමිටු සභාපතිවරයා ඔවුන්ට එරෙහි මෙම චෝදනාවලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා දඬුවම් කළ හැකි බව පෙන්වා දුන්නේය.
නිශාන්ත සමරවීර මහතා;
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වන සුසන්ත ලියනාරච්චි යන අය මාධ්‍ය හමුවක් පවත්වා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ක්‍රියාදාමයන් ප්‍රසිද්ධියේ අශෝභන සහ අශීලාචාර ලෙස විවේචනය කර තිබෙනවා. මොහු කාරක සභාවේ නිර්දේශද අභියෝගයට ලක් කරලා තියෙනවා. මොහුගේ මෙම ක්‍රියාදාමය පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත උල්ලංඝනය කිරීමක්. එම අධිකාරියේ සභාපතිවරයාද මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස කාරක සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පාර්ලිමේන්තුවට කාරක සභාද ඇතුළත් වෙනවා.මේ අනුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් කරනු ලැබිය හැකි වරදක් කරල තියෙනවා.

