“කොවිඩ් තිබුනත් රට වැටෙන්න දෙන්න එපා’’


(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් වසංගත තත්වය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ඇතුළු එහි ප්‍රධානීන්ට අද (21) උපදෙස් දුන්නේය .

මහ බැංකුවේ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරන්නැයිද අගමැතිවරයා එම ප්‍රධානීන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළේය.

අගමැතිවරයා මෙම ඉල්ලීම කළේ රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ දී අද (21 )පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

මහබැංකු අධිපතිවරයා ඇතුළු එහි ප්‍රධානීහු රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් අගමැතිවරයාට මෙහිදී කරුණු පැහැදිලි කළහ .

මේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න ,ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන්වන ටී එම් ජේ වයි ප්‍රනාන්දු,කේ.එම් සිරිවර්ධන ,එම් ඩබ්ලිව් නානායක්කාර ,ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් පිරිසක්ද සහභාගි වූහ .