“කොරෝනා පාලනයට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් පත් කරන්න’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොරෝනා රෝග පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් පත් කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.

මේ වන විට කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති බව තමාට දැනගන්නට ලැබී තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය ඇමතිවරිය සමග කතා කොට නොපමාව උපදේශක කාරක සභාව පත්කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.

ඊට පිළිතුරු දෙමින් සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කොට ඉක්මනින් පිළිතුරක් ලබාදෙන බවයි.