ජිනීවාහි හිටපු ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියට එරෙහිව එල්ල වූ චෝදනා කිසිවක් ඔප්පු කළ නොහැකි බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල අවසන් වාර්තාවෙන් සනාථ වන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මහත්මිය එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
ඒ අනුව ඇයට නම් කෙරුණු පරිදි තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කිරීමට බාධාවක් නැතැයිද ඇය කීවාය.

