“කරුමයක් පළ දීලා”


පසුගිය ජනපතිවරණ සමයේ තමාගේ හඟුරන්කෙත රිකිල්ලගස්කඩ පක්ෂ කාර්යාලයත් පසුගිය අගෝස්තු 1 වැනිදා මාදිවෙල තම නිවසත් ගිනි ගැනීම පෙර කරුමයක් පල දීමක්  ලෙස හිතෙන බව හිටපු ඇමැති සි.බි රත්නායක කියයි.

තමාගේ හා බිරිදගේත් තම දරුවන්ගේත්  මුළු සේසතම අළු වී ගිය බව ද ඔහු පවසයි. ඒ පාඩුවට  පසු තමාගේ විශ්වාසවන්තම, ආරක්ෂකයා හා සේවකයා වු රියදුරාගේ මරණය ද දරා ගන්නට  නොහැකි බව ඔහු සඳහන් කරයි.

රත්නායක මහතාගේ රියදුරු ප්‍රේමසිරි ඔහුගේ කුරුදුවත්ත නිවසේ දී  මියගොස් සිටි බවද හිටපු ඇමැති පවසයි.