
(සුජිත් හේවාජුලිගේ )
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී ජනතා පක්ෂය මෙවර මැයි දිනය අන්තර්ජාලය ඔස්සේ අද (1) සැමරීම විශේෂත්වයකි .
කොවිඩ් අවදානම හේතුවෙන් මැයි රැළි සහ පෙළපාලි රජය විසින් තහනම් කරනු ලැබ ඇති හෙයින් මැයි දිනය අන්තර්ජාලය ඔස්සේ මෙසේ සැමරූ බව එම දේශපාලන පක්ෂ නියෝජිතයෝ පවසති .
ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී පක්ෂයේ නායකයන් මැයි දිනය වෙනුවෙන් සිය පණිවිඩ අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කර බෙ දක්නට ලැබිණ .
මැයි දිනය වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරන ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසන්නේ පැය අටේ වැඩ දිනය වෙනුවට පැය 10 ක වැඩ දිනයක් වෙනුවෙන් රජයේ නීති සංශෝධනය කරමින් සිටින බවයි .

