“ඇතැම් ලීසිං සමාගම් පාරිභෝගිකයා අපහසුතාවට ලක් කරනවා’’


(යොහාන් භාසුර)

ලීසිං පාරිභෝගිකයන්ට සහන දෙන ලෙස මහබැංකු අධිපතිවරයා ලිඛිතව දන්වා තිබියදී ඇතැම් ලීසිං සමාගම් පාරිභෝගිතයා අපහසුතාවට පත්කරමින් සිටින බවට පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා චෝදනා කරයි.

මහ බැංකුවේ නිලධාරීන්ගේ වත්කම් පරීක්‍ෂා කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ලීසිං පාරිභෝගිකයා අපහසුතාවට පත්කරන ලීසිං සමාගම් සම්බන්ධයෙන් පියවර නොගත හොත් පාරට බහින බවත් රංජිත් විතානගේ මහතා පවසයි.

මහ බැංකුව චක්‍රලේඛයක් මගින් පසුගිය ජූනි 9 වැනිදා ලීසිං පාරිභෝගිකයන්ගේ ඉල්ලීමට අනුව 2021 අගෝස්තු 31 දක්වා ලීසිං සහන දෙන ලෙස වාණිජ බැංකුවලට සහ ලීසිං ආයතනවලට දැනුම්දී තිබියදී මහ මඟ පාරිභෝගිකයා ඇද දමමින් වාහන රැගෙන යෑම අනීතික, අසාධාරණ සහ අමානුෂික ක්‍රියාවක් බව ද, ලීසිං අයිතිය ලබාගැනීමට ගොස් සුනිල් ජයවර්ධන මහතා ගහලා මැරූ ඒ මරණයත් සමඟ පාරිභෝගිකයන්ට සහනයක් දෙන්න උද්යෝගයක් ඇති වුවත් මේ වන විට ඒ සහනය අමතරක වී ඇති බවත් රංජිත් විතානගේ මහතා කියයි.