සමෘද්ධි ප්‍රජා මුලික බැංකු මඟින් අඩු ආදායම් පවුල් වෙත ලබා දුන් රුපියල් ලක්ෂයක ණය සහනාධාරය නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා විසින් දේශපාලන හිතවතුන්ට පමණක් ලබා දෙන බව පවසමින් කළ පැමිණිල්ල වහා විමර්ශනය කරන ලෙසට මුල්‍ය වංචා විමර්ශන ඒකකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් එච්.සුමතිපාල, පොලිස්පති , මුල්‍ය වංචා විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ,අගමැති රනිල් වික්‍රමසිංහ , කැබිනට් අමාත්‍ය මණ්ඩලය හා නිතිපතිවරයා වගඋත්තරකරුවෝය.

