(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි "සිටි හොටෙල් කලම්බො" හෝටලයට ඉකුත් 9 වැනිදා ප්‍රචණ්ඩකාරී ලෙසින් හැසිරී අනර්ථයක් සිදු කළැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 02 පදිංචි මොහොමඩ් නබීල් හුසේන් සහ මොහොමඩ් ඉරෆීන් මොහොමඩ් ෆව්මි යන අයවලුන් ය.
ලිලි වීදිය කොළඹ 2 පිහිටි "සිටි හොටෙල් කලම්බු" හෝටලයට ඉකුත් 9 වැනිදා පැමිණි දෙසීයක පමණ පිරිසක් මෙම අලාභ හානිය සිදු කර එහි දේපළවලට හානි කළැයි කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ එහි කළමනාකරු මොහොමඩ් අස්ෆල් අර්ෆාන් නැමැත්තා බව කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.