
(නිමල කොඩිතුවක්කු)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හඳුන්වා දුන් සහන පැකේජය තුළින් රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
තුන්වේල කා ජීවත් වීමට නොහැකි ජනතාවට තාවකාලික සහනයක් ලැබුණත් මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බවත් හර්ෂ ද සිල්වා මහතා කීවේය.
රජයේ සංඛ්‍යාලේඛන අනුව රට තුළ උද්ධමනය 12.1කින් සහ ආහාර උද්ධමනය සියයට 22 කින් වැඩිවී ඇති අවස්ථාවක රජය මෙම තීරණය ගැනීම විනාශයක මුල බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

