
(ඉන්දිකා රාමනායක)
දකුණේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන අමිළ ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත්" සන්ෂයින් සුද්දා" ඝාතනය සඳහා යොදාගත් බව කියන ටී 56 ගිනි අවිය මාතර කොටවිල හේන්වල ප්‍රදේශයෙන් සොයාගත් බව පොලීසිය පවසයි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරකට අනුව හේන්වල ප්‍රදේශයේ පාඩුවේ ස්ථානයක මෙම ගිනි අවිය,මැගසිනය සහ පතරොම් 19 ඊයේ (3) පස්වරුවේ සොයා ගත් බව සඳහන් කරයි.
ඉකුත් සැප්තැම්බර් මස (3) වැනි දින දික්වැල්ල කොටවිල ප්‍රදේශයෙදී සන්ෂයින් සුද්දා නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබිණි.
මෙම ඝාතන සිද්ධියේ සැකකරු වු ටින්කර් ලසන්ත නැමැත්තා ඉකුත් නොවැම්බර් මස (26) වැනි දින කළුතර උතුර ප්‍රදේශයේ දී පොලිස් පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසු වෙඩි වැදී මිය ගොස් ඇත.

