’’සංක්‍රමණ’’ ජාත්‍යන්තර සංවිධානයෙන් ලංකාවට අත-හිත


(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ (Ms, Kristin Parco ) මහත්මිය අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම හමුවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) අතර දැනට පවතින සහයෝගීතාවය තව තවත් වර්ධනය කර ගැනීම සහ ජාත්‍යන්තර සහ අභ්‍යන්තර සංක්‍රමණික කටයුතු වලට අදාල මැදිහත්වීම් ශක්තිමත් කිරීම පිළිබඳ ව සාකච්ඡා කෙරිණි.

ජාතික සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීම මෙන් ම යාවත්කාලීන කිරීම,  සංක්‍රමණිකයන් සඳහා වන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කිරීම, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයන්හි සහ උතුරු, නැගෙනහිර ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම සහ මානසික සෞඛ්‍ය සේවාවන් විධිමත්ව පුළුල් කිරීම පිළිබඳව ද  මෙහි දී  අමාත්‍යවරයා සහ ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය අතර දීර්ඝව සාකච්ඡා කෙරිණි.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය සහ වර්ධනය වෙනුවෙන් තම සංවිධනායේ අඛණ්ඩ සහය නිබඳව ඉදිරියටත් ලබා දෙන බවට ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය මෙහි දී සදහන්  කළා ය.