(සුජිත් හේවාජුලිගේ )
නිවෙස්වල හෝ උත්සව ශාලාවල හෝ විවාහ මංගල්‍යය උත්සව පැවැත්වීමට හෙට (17)මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු අවසර නොලැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේම ජනතාව ඒකරාශි වන කිසිදු අවස්ථාවකට අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවසර නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙසය.
අවන්හලක වරකට රැඳී සිටිය හැක්කේ එහි රැඳී සිටිය හැකි මුළු සංඛ්‍යාවෙන් සියයට 50ක් පමණකැයිද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි .
ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයිද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

