’’විපක්ෂය පැත්තේ පුටු වල ඉත්තෑවො ඉන්නවා’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තේ පුටුවල ඉත්තෑවො ඉන්නවාදැයි සැකයක් තිබෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය  හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

විපක්ෂයේ අයගේ පුටුවල ඉත්තෑවො ඉන්නවා වගේ මට පේනවා. අපි පාතාලය මර්දනය කරනවා කියන කොට ඔවුන් උඩ පනිනවා පේනවා.ඒ වගේම චාමර සම්පත් හොල්මනක් නං වෙන්න එපා. දැන්  දකිනකොටත් බය හිතෙවා.

අපි යුක්ති ගරුක නීති ගරුක  පුරවැසියන්ට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවා. නමුත් පාතාලයන්ට අප හදන්නේ හොඳ හිරගෙයක් යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.