(අංජුල මහික වීරරත්න)
කිසිදු හේතුවක් මත අධ්‍යාපනය නොසලකා හැරීම නොකළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන සිසු සිසුවියන් වෙනුවෙන් සුබ පතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.
අසීරුම කාලයක දී වත්මන් සිසු පරපුරට අභියෝගයකට මුහුණ දෙන්නට සිදුව ඇති බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා නමුත් කිසිම හේතුවක් මත අධ්‍යාපනය නොසලකා හැරිය යුතු නැති බවද සඳහන් කරයි.
ඉලක්ක ජය ගැනීම සඳහා අනාගත සිසු පරපුරට තමා ආශිර්වාද කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.