(සුජිත් හේවාජුලිගේ)
බස්නාහිර පළාතේ කොරෝනා පැතිරීම සතුටුදායක ලෙස පාලනය වී ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
ජනතාව සෞඛ්‍ය නීති දිගටම නිසියාකාරව පිළිපදිමින් නිවැරැදිව කටයුතු කළහොත් කොරෝනා පැතිරීම තවදුරටත් අවම කරගත හැකි වනු ඇතැයිද ඇය සඳහන් කළාය.
කොරෝනා තෙවැනි රැල්ල ආරම්භවීමත් සමග බස්නාහිර පළාතේ ආසාදිතයන් දිනකට 1600 -1700 මට්ටමින් වාර්තා වූ නමුත් මේ වනවිට එම අගය 1000ක් දක්වා පහත බැස ඇතැයි පැවසූ ජයලත් මහත්මිය කොරෝනා මරණ සංඛ්‍යාවද අඩු වී ඇති බව කීවාය.
මේ අතර බස්නාහිර පළාතේ එන්නත්කරණ වැඩපිළිවෙළද වේගවත් කර ඇති බවත් පළාතේ ලක්ෂක පමණ පිරිසක් ඊයේ (30) දිනයේදී එන්නත්කරණයට ලක් කළ බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසුවාය.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සියයට පනහකටද ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40ක ටද කළුතර දිස්ත්‍රික්කයේ සියයට 30ක ටද කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බවත් එය ඉතා ඉහළ ප්‍රතිශතයක් බවත් ධම්මිකා ජයලත් මහත්මිය සඳහන් කළාය.
සෙසු පළාත්වලට කොරෝනා පැතිරීම වැලැක්වීමට නම් බස්නාහිර පළාතේ පිරිස් වැඩි වැඩියෙන් එන්නත්කරණයට ලක් කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ විශේෂඥයන් පෙන්වාදී ඇතැයිද ඇය පැවසුවාය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පසුගිය කාලයේදී කොරොනා පැතිර ගොස් තිබුණේ බස්නාහිර පළාතේ ප්‍රධාන කොරෝනා පොකුරු පදනම් කරගෙන යැයි සෞඛ්‍ය අංශ පවසයි .

