(යොහාන් භාසුර)
පාන් පිටි (තිරිඟු පිටි) මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාල සමාගම්වලට එරෙහිව නඩු පවරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
පාන් පිටි පාරිභෝගික අධිකාරිය අති විශේස ගැසට් නිවේදනයක් මගින් උපරිම මිලක් නියම කළ ආහාර ද්‍රව්‍යයක් බවත් ඒ හේතුවෙන් හිතුමතේ මිල වැඩි කළ නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා පැවසුවේ පාරිභෝගික අධිකාරිය මෙම මිල වැඩි කිරීමට එරෙහිව ඉදිරි දින කීපයේදී නඩුවක් ගොනු කරන බවත්ය.

