’’පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇමරිකා රාජ්‍ය බුද්ධි සේවය හඳුනාගෙන’’


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බව ඇමරිකානු රාජ්‍ය බුද්ධි සේවය ද තහවුරු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවැසීය .

අයි . එස් මතවාදය ශ්‍රී ලංකාවට ගෙනවිත් එම මතවාදයට සහරාන් යොමු කරනු ලැබුවේ නවුෆර් මවුලවි විසිනැයි ද ඔහු ප්‍රකාශ කළේය.

වීරසේකර මහතා මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.