’’පාසල් අගෝස්තුවේ විවෘත කරනවා’’


(සුජිත් හේවාජුලිගේ )

දිවයිනේ පාසල්  ලබන මස  අග විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා  පැවැසීය .

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු  සූදානම් කෙරෙමින් පවතින බවද  හෙතෙම සඳහන් කළේය.

මේ අතර රට පුරා පාසල් ගුරුවරුන්ගෙන් සියයට 63කටද බස්නාහිර පළාතේ  ගුරුවරුන්ගෙන් සියයට  97කටද කොරෝනා මර්දන  එන්නත මේවනවිට ලබාදී ඇතැයි ප්‍රකාශ කළේය.

සෙසු ගුරුවරුන්ටද ඉදිරි දිනවල එන්නත ලබාදීමට කටයුතු කරගෙන යන බව මහාචාර්යවරයා  කීවේය .

අවුරුදු 12 වැඩිපාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට  අවධානය යොමු යොමුවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය .