
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මාධ්‍ය අංශයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ නදීරා මඩුගල්ල ලියූ "පාර්ලිමේන්තුවේ බලහත්කාරය - පොලිස් බලය යොදා සභා ගැබෙන් පිටමං කළ මන්ත්‍රීවරු" කෘතිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදායත් ප්‍රජාතන්ත්‍රවාදී උරුමයන් පිළිබඳවත් "පාර්ලිමේන්තුවේ බලහත්කාරය" කෘතිය මඟින් රසවත් ලෙස ජනතාවට සමීප කර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහත්වරු ද කතා කළහ.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී. දොලවත්ත, ඉරාන් වික්‍රමරත්න, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන වර්ධන, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහත්වරු ද මීට සහභාගී වූහ.



