’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’


(අංජුල මහික වීරරත්න)

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්, ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

නමුත් යම් තැනක මියගිය ඥාතීන් සමරනවා නම් ඊට බාධා කිරීමට රජයට අයිතියක් නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අමතරව නීති විරෝධීව තහනම් කර ඇති සංවිධානයක සැමරුම් පැවැත්වීමට කිසිදු ඉඩක් නැතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසීය.