’’නිතිය උතුරෙත් දකුණෙත් එකයි’’ - පොලිස්පති


ඉන්දිකා රාමනායක.

අධිකරණ නියෝග නොතකා විරෝධාවේ නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන්  කි‍්‍රයාත්මක කරන්නේ එකම නීතිය බවත්  උතුරු දකුණේ කියා එහි කිසිදු වෙනසක් නොමැති බවත් පුජිත් ජයසුන්දර මහතා අද  (17) පැවසීය.

අධිකරණ නියෝග නොතකා  උතුරේ උද්ඝෝෂනය පැවත් වු  පිරිස ද අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කරන බවද පොලිස්පතිවරයා  කියා සිටියේය.

අධිකරණ නියෝග නොතකා ඉකුත් උතුරේ  පැවැත් උද්ඝෝෂනය සම්බන්ධයෙන් සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගන්නේ ද යන්න ඊයේ  පෙරවරුවේ පොලිස් ක්ෂේත‍්‍ර බලකා මුලස්ථානයේ පැවති උත්සවයකදී  මාධ්‍යවේදීන් පොලිස්පතිවරයාගෙන් ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය. අධිකරණ නියෝග නොතකා උතුරේ විරෝධාවේ නිරතවු පළාත් සභා මන්ති‍්‍ර සිවාජිලිංගම ඇතුලූ  පිරිස සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස්පතිවරයා කියා සිටියේය.