
(යොහාන් භාසුර)
‘ජන පීඩන විදුලි පනත වාහාම හකුලා ගනිව්’ යන සටන් පාඨය යටතේ විදුලි සේවකයන් පිරිසක් කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (6) පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළහ.
එහිදී ඔවුහු විදුලිබල මණ්ඩල මූලස්ථානයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



