(විනීතා එම් ගමගේ)
වෙද සේවයට කරන්නට බැරිවුණ පෞද්ගලික අංශය කරා ව්‍යාප්ත වීම හෙද සේවය මේ වනවිට කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේය.
අද හෙද සේවයට හෙද විද්‍යා පෞද්ගලික පීඨ ඇති බවත් මුළු ලොවම පිළිගත්තත් අපි නොගන්නා තැනක වෙද සේවය හිරවී ඇති බවත් අමාත්‍යවරයා කීය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව කාලයක් තිස්සේ තමන් ද සටනට බැස සිටි නමුත් අද තාක්ෂණය දියුණු වී තිබෙන තරම අනුව බලද්දී පෞද්ගලික අධ්‍යාපනයට වැට බැඳීම විහිලූවක් බව තමන් වටහා ගෙන ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (10) පැවැති ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ උත්සවය අමතමිනි.
හෙද සේවාවේ නිර්මාතෘ ෆ්ලොරන්ස් නයිටින්ගේල් ආර්යාවගේ ජන්ම දිනය වන මැයි 12 වැනි දාට යෙදෙන ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සමරු උළෙලේ දී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තවදුරටත් මෙසේ ද පැවැසීය.
‘‘ නයිටින්ගේල් ආර්යාවගේ සේවාවේ විශේෂත්වය වන්නේ එය ආගමික දේශපාලන හෝ ජාතිභේදයකින් තොර වීමයි. එය සමහර රටවල ව්‍යවස්ථාවෙන්ම බලපැවැත්වෙනවා. ඉන්දියාවේ ද එය ව්‍යවස්ථාපිතයි.
ඒත් ඉතින් ලංකාවේ ඒක ගේන්න ගියොත් ගේන එක්කෙනා ද්‍රෝහියෙක් වෙනවා. ඒ තරම් අපේ රට ජාතිවාදයෙන් ආගම්වාදයෙන් පිරිහිලා. බුදුන් දෙසු බණ කථා කරමින් වෙනත් දර්ශනයක ඉන්නවා.
දියුණු වෙන්න නම් වර්ගවාදයෙන් මිදිය යුතුයි. නයිටින්ගේල් ආර්යාව ලොවට පිදු සුවිශේෂී සිද්ධාන්තය වන්නේ මේ වර්ගවාදයෙන් මිදී කටයුතු කිරීමයි.
වෙද හා හෙද යනු එකම කේෂත‍්‍රයක සේවාවන් දෙකක්. එය වෙනත් රටවල එහෙමයි. අපි අපේ රටෙත් එම සමගිය ගොඩනැගිය යුතුයි. හෙද සේවාව එක පැත්තකින් ශ්‍රේෂ්ඨ මෙන්ම මහා පුණ්‍යකර්මයක් ද වෙනවා. වෙනත් අය ලබන දීමනාවලට වඩා සුවිශේෂී දිමනාවක් ලෙස මේ පින කියන දීමනාව ලැබෙනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඡායාරූප - ශාන්ත රත්නායක