’සාම්ප්‍රදාය වෙනස් කර රටට ආදර්ශයක් දෙන්න අනුනායක ධුරයෙන් අස්වුණා’


සාම්ප්‍රදාය වෙනස් කරමින් හා රටට ආදර්ශයක් ලබාදීම සඳහා අනුනායක ධුරයෙන් ඉල්ලා අස් වූ බව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනාහිමියෝ ‘ලංකාදීපයට’ පැවසුහ.

කෝට්ටේ රජමහා විහාරයේ පරිපාලන ගැටළු වලට තමා කිසිදු මැදිහත්විමක් නොවු අතර තමා ධුරයෙන්  ඉල්ලා අස්වීම හා  එම ගැටළුව අතර  කිසිදු සබඳතාවයක්  නැතැයි ද නාහිමියෝ කීහ.

අනුනායක පදවියෙන් ඉල්ලා අස්වීම පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මෙසේ  ද කීහ.

‘තනතුරෙන් ඉල්ලා  අස්වෙන්න මම තීරණය කළා. සම්ප්‍රදායට අනුව අපවත් වනතුරු එම තනතුර දරන්න පුළුවන්. ඒත් රටට ආදර්ශයක් දෙන්න හිතුණා. මම සංඝ සභාවේ  වසර  30 ක් විවිධ තනතුරු දැරුවා’ යැයි උන්වහන්සේ පැවසුහ.