’ශ්‍රීලනිපය සමඟ එක්වීම ගැන හිතන්නවත් බෑ ’ - ජිඑල් පිරිස්


(නාලක සංජීව දහනායක)
 
පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ ප්‍රතිළුල දෙස බැලීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමක් ගැන තම පක්ෂයට හිතන්නවත් නොහැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (21) පැවැසීය.


එබැවින් ඉදිරියේ පැවැත්වෙන සියලූම මැතිවරණ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරඟ කරන බවද ඔහු කීය.


මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේද පැවසීය.


ඒ නිසා අපිට එක්වීමක් ගැන හිතන්නවත් බැහැ. ඉදිරියේදී පැවැත්වෙන සියළුම මැතිවරණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ අපි මහින්ද රාජපක්ෂප මහතාගේ නායකත්වයෙන් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණින් තරඟ කිරීමට දැනටමත් තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේත් පොදුජන පෙරමුණෙත් නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි.

මේ ගමන යද්දී එල්ලවන පෞද්ගලික අපහාස හා උපහාස වලින් අපි සැලෙන්නේ නැහැ. ශ්‍රීලනිපය හා අපි වෙන්ව තරඟ කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය බලවත් වනවා යැයි කීම තනිකරම මිත්‍යාවක් වෙන්ව තරග කිරීම නිසා පළාත් පාලන මැතිවරණයෙන් අපි විශිෂ්ඨ  ප්‍රතිඵලයක් ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි දේශපාලනය කරන්නේ පාක්ෂිකයන්ගේ සිතුම් පැතුම් වලට අනුකූලවයි. ඒ නිසා එක්ව තරග කිරීමෙන් තම පක්ෂෂයට පාක්ෂිකයන්ගේ නිසි අගයක් නොලැබෙන බවද කීය.
         
බත්තරමුල්ලල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ දී අද (21) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.