(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)
අඹගමුව ප්‍රාදේශීය සභාව ලෙස පැවැති බල ප්‍රදේශය පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ ගැසට් නිවේදනය හේතුවෙන් කොටස් තුනකට කැඩීමෙන් ශ්‍රීපාදස්ථානය ද්‍රවිඩ ජන කොටස් සහිත ප්‍රදේශයකට නතුවන බවත් ඉන් බෞද්ධයින්ට හිමි තැන නැතිවී ජනවාර්ගික ගැටුම් ඇතිවිය හැකි බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (15) දැනුම් දුන්හ.
අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන්නැයි ඉල්ලමින් අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පවරා ඇති පෙත්සමට අතරමැදි පෙත්සම්කරුවන් ලෙස මැදිහත්වෙමින් ශ්රීත පාදස්ථානාධිපති හිමියන් සහ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්නුහ.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ අනිල් ගුණරත්න යන මහත්වරුවන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
මෙලෙස නව පළාත් පාලන ආයතන හේතුවෙන් ප්‍රදේශයේ ඓතිහාසික සංස්කෘතික පදනම විනාශ වන බවත් වාර්ගික පදනම වෙනස් වන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු සිංහල බෞද්ධ ජනතාවගේ අයිතීන් උල්ලංඝණය වී ජනතා සංහිදියාව නැතී වී යන බවත් ඒ තුලින් ජනවාර්ගික ගැටුම් නිර්මාණය විය හැකි බවත් පෙන්වා දෙයි.

