’වාහන ආනයනය සීමා රේගු ආදයම් ඉලක්කයට අභියෝගයක්’


(කේ බුද්ධික කුමාරසිරි)

රේගුව විසින් ලබන බදු  ආදායමෙන් 25 % ක් පමණ ලබාගන්නේ වාහන ආනයනයෙන් බවත් , ඊට සීමා පනවා තිබීම හේතුවෙන් රේගු ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමේදී විශාල අභියෝග වලට මුහුණ දීමට සිදුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය

පාර්ලිමේන්තු ආංශක අධීක්ෂණ කාරක සභාවකදී පසුගියදා හෙලිකළ පරිදි මේ වසරේ රේගු ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් අද (09) දින රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම කරැණු අනාවරණය කරන ලදී
එහිදී තවදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද කීය.
මේ වසරේ ඉලක්ක ගත රේගු ආදායම රුපියල් බිලියන 1220 ක් වූ  නමුත් ආර්ථිකය සාමාන්‍ය පරිදි පැවති ආසන්නම වර්ෂය වූ 2018 වසරේදීද රේගු ආදායම ලෙස උපයා ඇත්තේ රුපියල් බිලියන 918 ක්  පමණයි. මේ වසරේදී රුපියල් බිලියන 1220 ක ඉලක්ක ගත ආදායමක් ලබාදී රේගුවේ ප්‍රධානම ආදායම් මාර්ගය වූ භාණ්ඩ ආනයනය වසා දමා තිබෙනවා.