(සනත් ගමගේ)
හම්බන්තොට යෝජිත වල් අලි කලමනාකරණ රක්ෂිතය සඳහා වෙන්කර ඇති ඉඩම් වෙනත් කාර්යයන් සඳහා රජය මෙන්ම පෞද්ගලික අංශයද කැළෑ එළිපෙහෙළි කිරීම හේතුවෙන් රක්ෂිත ප්‍රදේශය ගැසට් කරන දින වනවිට වල් අලි සඳහා රක්ෂිත කැළයක් ඉතුරු නොවීමේ තත්ත්වයක් උදාවෙමින් පවතින බව වනජීවී නිළධාරීහු පවසති.
මල්ආර , තම්මැන්නා වැව, රක්ෂිත ප්‍රදේශය ඇතුළු රජයේ ඉඩම් යෝජිත වල් අලි කලමනාකරණ රක්ෂිත ප්‍රදේශය සඳහා වෙන්කර ඇතැත් නීත්‍යානුකූලව වනජීවී දෙපාර්තුමේන්තුවට ගැසට් පත්‍රයකින් මෙතෙක් ලබා දිමට පියවර ගෙන නොමැත.
මෙම ප්‍රදේශයන්හි මහා පරිමාණයෙන් කැළෑ කැපීම සිදුවන අතර හේන් ගොවිතැන් කරන මුවාවෙන් කැළයට යන පිරිස් වන සතුන් දඩයම් කිරීම ද සිදුකරන බව වනජීවී නිළධාරිහු කියති.
යෝජිත වල් අලි කලමනාකරණ රක්ෂිත ප්‍රදේශය ගැසට් කිරිමෙන් හම්බන්තොට වල් අලින් ගම් වැදීම නතර වනවාදැයි දකුණු පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ වෙන්කර දීමට තිබූ ඉඩම් ප්‍රමාණය ඒ සඳහා වෙන්කර තිබුණානම් ප්‍රශ්නයට විසඳුමක් යම් ප්‍රමාණයකින් සිදුවන බවයි.
එහෙත් දැනට එම ඉඩම් ප්‍රමාණයෙන් විශාල කොටස් එළිපෙහෙළි කර විවිධ සංවර්ධන කාර්යයන් සිදුකර ඇති බවද පෞද්ගලිකව විවිධ වගා කටයුතු සඳහා යැයි කියමින් අක්කර සිය ගණන් සුද්ද කිරීම නිසා වල් අල් රක්ෂිතයේත් අලි මිනිස් ගැටුම් ඇතිවන බවට සැකයක් නැති බවයි.
වන සතුන් දඩයම් කිරිමට හක්ක පටස් යෙදිම, කම්බි මල පුඩු ඇටවීම, බඳින තුවක්කු ගස් වල බැඳිම, වැව් හා කුඩා දිය කඩිති වලට වස මුසුකර වන සතුන් දඩයම් කිරිමට දඩයම්කරුවන් මෙම රක්ෂිත ප්‍රදේශය තුළට ඇතුල්වී සිදු කරන බව සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.



