(විනීතා එම් ගමගේ)
මූල්‍ය කේෂත්‍රයේ විශාල වංචාවන් සිදුවන්නේ යල් පැන ගිය අණපනත්වල ඇති දුර්වලතාව නිසා යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
බැඳුම්කර වංචාව වැනි වංචාවන්ට ඉඩකඩ සැකසුණේ මෙම නීතිවල ඇති හිදැස් නිසා යැයි ද ඇමැතිවරයා කීය.
මහ බැංකුවට අදාල වසර 40 ක් පැරණි අණ පනත් වහා අලුත් විය යුතුව ඇතැයි ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
වසර 20 ක් තිස්සේ රට තුළ කි‍්‍රයාත්මක වන පිරමිඩ් ජාවාරම නීති විරෝධී එකකැයි මහ බැංකුව දිගින් දිගටම අවධාරණය කරත් මේ නීති විරෝධී කටයුත්තෙහි නියැළුණු එකම එක අයෙක් වත් මේ වනතුරුත් නඩුපවරා වැරදිකරු කර ඇත්දැයි අමාත්‍යවරයා ප‍්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ අද (17) පැවැති දිස්ත‍්‍රික් ලේකම් සමුළුවේ දෙවැනි දිනයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

